Tuesday, April 23, 2024

General line - 0115112241

සෙලාන් බැංකුවෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්




සෙලාන් බැංකුව විසින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නව විශේෂිත දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීමේ කටයුතු අද ආරම්භ කෙරුනා.

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර දැක්වීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව සෙලාන් බැංකුව විසින් සිදු කරන වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර මේ සඳහා සෙලාන් බැංකුවේ සේවක මහත්ම මහත්මීන් විසින් ඔවුන්ගේ දිනක වැටුප පරිත්‍යාග කර තිබුනා.එලෙස එකතු වු මුදලට සමාන මුදලක් සෙලාන් බැංකුව විසින්ද එකතු කොට ගොඩ නැගූ අරමුදලින් මෙම විශේෂිත දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දුන් අතර, ශ්‍රී ලංකා යුධ හමුදාව මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දීමට නියමිතයි.

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර දැක්වීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව ජාතික දැඩි සත්කාර ඒකක ධාරිතාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

ගොඩනැගුනු අරමුදල යොදාගනිමින් මීට පෙර කොවිඩ් මර්දනය සඳහා වූ ජනාධිපති අරමුදලට ද සෙලාන් බැංකුව විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කල අතර,බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් සහ දිවයින පුරා රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙනුවෙන් විශේෂිත මුහුණු ආවරණ ලබා දීමද ඔවුන් විසින් සිදු කරනු ලැබූවා.