Thursday, March 28, 2024

General line - 0115112241

දුර්ලභ ළමා රෝගයක් ගැන වෛද්‍යවරුන් කරුණු සොයයි : දැනටමත් මරණ දෙකක් වාර්තා වේ




යුරෝපය ඇතුළු ලොව රටවල් කිහිපයකින් වාර්තා වෙමින් පවතින දුර්ලභ ගණයේ ළමා රෝගය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී සිටිනවා.

මේ වන විට යුරෝපය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් මෙම රෝගයට ගොදුරුවූ දරුවන් 300 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මෙම අභිරහස් රෝගයට ගොදුරුවූ ප්‍රංශයේ 09 හැවිරිදි දරුවෙක් සහ බ්‍රිතාන්‍යයේ මාස 08 ක් වයසැති බිලිදෙක් පසුගිය දින දෙක තුලදී ජිවිතක්ෂයට පත්ව ඇත.

පළමුව මෙය "කවසාකි" රෝගය බවට අනුමාන කලත් මෙය එම රෝගය නොවන බවයි වෛද්‍යවරුන් ගේ මතය වී ඇත්තේ.

කවසාකි රෝග ලක්ෂණ වලට සමාන  ඉදිමුණු රුධිර නාල, උණ, ශරිරයේ කැසීම්, ඇස් රතු වීම්, තොල් සහ මුඛ්‍ය වියලීම හෝ පැලීම් සහ අත්ලෙහි සහ පාද රතු පැහැ ගැන්වීම හා ඉදිමුණු ග්‍රන්ථින් මෙම දුර්ලභ රෝගය තුලද දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා.

මෙම අභිරහස් රෝගය කොරෝනා වෛරසයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් මේ දක්වා හෙළිවී නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කර සිටින්නේ.

මෙම රෝගය ආසාදනය වූ දරුවන් ගෙන් ඇතැමුන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් තවත් දරුවන්ට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට හෙළිව ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේල

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව ප්‍රධාන පෙලේ ළමා රෝග වෛද්‍යවරුන් සමග සම්බන්ධ වෙමින් මෙම රෝගයට අදාළ දත්ත රැස්කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.