Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රීඩා පිටියක් අවශ්‍යමද ? නාමල් සහ යෝෂිත අසයි (PHOTOS)




හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉදිරිපත් කළ කරුණු සමග තමන්ද එකඟ වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් සහ යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් ඔවුන් දෙදෙනා මේ සම්න්ධයෙන් සිය අදහස් පළකර සිටියා.

” ඕනෑම ක්‍රීඩාවක යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය වන නමුත් මෙවැනි අවස්ථාවක මෙය ප්‍රමුඛතාවයක් නොවිය යුතු බවයි” නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

” මහෙල් ජයවර්ධන මෙහිදී ඉස්මතු කර ඇති කරුණ ගැන ඉතා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුයි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බලධාරීන් සෑම පාර්ශවයක් සමග කරුණු සාකච්ජා කොට ඔවුන්ගේ මතය දැන ගැනීම වැදගත්” බව මෙහිදී හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන හිටපු රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ සඳහන් කර සිටියේ වර්ථමාන සෞඛ්‍ය අර්බුධය දෙස බලන විට ක්‍රිකට් පිටියක් ඉදිකිරිම වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අවශ්‍ය නොවන බවයි.

මෙරට පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගන තුල ක්‍රීඩා සමාජ හෝ ජාත්‍යන්තර තරග නොපවත්වන පසුබිමක මෙවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද යනුවෙන් පසුගියදා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විමසා සිටියා.