Friday, April 26, 2024

General line - 0115112241

පාසල් විවෘත කිරීමට සැළසුම් කරත් වත්මන් තත්ත්වය ගැන ඇමති පැහැදිළි කරයි




කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් ප‍්‍රකාශයට පත් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ පියවර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති නමුත් පාසල් යළි විවෘත කරන දිනය ප‍්‍රකාශයට පත් කළ නොහැකි බවයි. 

පාසල් වසා දමා ඇති කාලයේද දරුවන් වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුවෙමින් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේ. 

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම අදහස් පළ කළේ ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදීයි.

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)