Tuesday, April 16, 2024

General line - 0115112241

දිනක් තුළ වාර්තා වූ 'ලොව වැඩිම කොරෝනා රෝගීන්' ගණන අද




ලෝක සෞඛ්‍ය සංවිධානය අද (21) වාර්තා කළේ ගත වූ පැය 24 සැලකෙන්නේ දිනක් තුළ ලොව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ දිනය ලෙස බවයි.

ඒ අනුව ගත වූ පැය 24 ක කාලය තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව (106,000) එක් ලක්‍ෂ 6,000 ක්.

එම වැඩිවීම ප්‍රධාන වශයෙන් රටවල් 04කින් පෙන්නුම් කෙරෙන අතර එම රටවල් හතර වන්නේ එක්සත් ජනපදය, රුසියාව, බ්‍රසීලය සහ ඉන්දියාවයි. 

දකුණු කොරියාවේ ඊයේ (20) විවෘත කළ පාසල් යළි වසා දමා තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ආසාදිත සිසුන් දෙදෙනෙකු හමුවීමත් සමගයි. සෝල් නුවරට බටහිරින් පිහිටි ඉන්චියෝන් නගරයේ පාසල් සිසුන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවටයි හෙළි වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා මීට පෙර කොරෝනා ආසාදනය වූ සිසුන් රැදී සිටි පන්ති කාමරයක සිට ඇති බවද අනාවරණ වී තිබෙනවා. ඒ අනුව එම නගරයේ පාසල් 66 ක් විවෘත කර පැය 2 ක් තුළ යළි වසා දැමුණා. පාසල් යළි විවෘත කරන දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. දකුණු කොරියාව මෙලෙස ඊයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සදහා පාසල් විවෘත කළේ දැඩි සෞඛ්‍ය රීති අනුගමනය කරමින්.

දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවෙන් හමුවූ පුද්ගලයා සමග සබදතා පැවැත්වූ 201 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ද අද තහවුරු වන්නේද මේ අතර තුරයි.

කෙසේවෙතත් කොරෝනා ව්‍යාප්තිය පැවතුණද පනවා ඇති සීමා ලිහිල් කිරීමට රටවල් රැසක් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැයි මස 28 වැනිදා සිට වසා දැමුණු සියළු ආගමික ස්ථාන යලි විවෘත කිරීමටයි ස්විට්සර්ලන්තය තීරණය කර ඇත්තේ. සීමා යටතේ සංචාරකයින් වෙනුවෙන් යළි සිය රටවල් විවෘත කිරීමට ඉතාලිය, ගී‍්‍රසිය හා තුර්කිය තීරණය කර ඇත්තේ ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමකයි. ඉතාලිය සිය ගුවන් තොටුපොල ජුනි මස 3 වනදා සිට විවෘත කරනු ඇති. 

එළඹෙන ජුනි මස 15 වැනිදා සිට විදෙස් සංචාරකයින් වෙනුවෙන් සිය රට විවෘත කරන බව ගී‍්‍රිසියද පවසනවා. 

මේ අතරතුර දින 3 ක් රටපුරා ඇදිරි නීතිය පැනවීමට ජෝර්දානය හදිසියේ තීරණය කර ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ සීග‍්‍ර වැඩිවීම හේතුවෙන්.

ස්පාඤ්ඤයද තීරණය කර ඇත්තේ රටපුරා හදිසි තත්ත්වය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටයි. ස්පාඤ්ඤය මෙලෙස හදිසි තත්ත්වය දීර්ඝ කළේ 5 වන වරටයි. 

මේ අතර කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වැඩිවීම සළකා පොදු ස්ථානවලට යාමේදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කිරීම බ‍්‍රසීලයේ කොංග‍්‍රස් මණ්ඩලය තීරණය කර තිබෙනවා.