Friday, April 26, 2024

General line - 0115112241

ඇඳිරි නිතිය කඩ කළ "පේරු නගරාධිපති" බොරුවට මියයයි




මියගොස් සිටිය බවට පොලිසිය හමුවේ අභිරූපනය කළ පේරු රාජ්‍යයේ නගරාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට පනවා තිබු ඇඳිරි නීති උල්ලංඝණය කිරිමේ සිද්ධියක් හේතුවෙන්.

වසංගතය පාලනය කිරිම සඳහා පේරු රාජ්‍ය විසින් පනවා ඇති ඇඳිරි නිතිය කඩ කරමින් මෙම නගරාධිපතිවරයා සිය මිතුරන් සමග මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී සමාජ දුරස්ථභාවය ද කඩ කරමින් ක්‍රියා කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමත් සමග පොලිසිය ඔහුව සොයා පැමිණීමේදී නගරාධිපතිවරයා මියගිය තැනැත්තෙකු මෙන් මිනී පෙට්ටියක් තුල නිදාගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Jamie Rolando Urbina නම් වූ මෙම නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය.

සිය පාලනය යටතේ පවතින Tantara නගරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම නගරාධිපතිවරයා නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බවට මීට පෙර ඔහුට චෝදනා එල්ලව තිබුණා.

වෛරසයේ පාලනය සඳහා මේ වන විට පේරු රාජ්‍යය විසින් දින 66 ක කාලයක් පුරාවට සංචරණ සිමා පනවා තිබීම විශේෂත්වයක් වනවා.