Friday, April 19, 2024

General line - 0115112241

ලතින් අමෙරිකානු කලාපයෙන් කොරෝනා ආසාදිතයින්ගේ සීග‍්‍ර වැඩිවීමක්




ලතින් අමෙරිකානු කලාපයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සීග‍්‍ර වැඩිවීමක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබෙනවා.

දෛනිකව වාර්තා වන එම සංඛ්‍යාව අමෙරිකාව සහ යුරෝපා කලාපයෙන් වාර්තා වන සංඛ්‍යාවද මේ වනවිට අභිඹවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලතින් අමෙරිකානු කලාපයෙන් නව ආසාදිතයින් 32,854 ක් වාර්තාවද්දී අමෙරිකාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 22,534 ක් පමණයි. යුරෝපා කලාපයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17,900 ක්. ගත වූ දින 3 ක කාලය තුළ මෙම තත්ත්වය අඛණ්ඩව වාර්තාවීම කැපීපෙනෙන සිද්ධියක්. 

මේ අතර කොරෝනා මර්දන සටනට දැඩිව එක්වී සිටින ඉන්දියාවට අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම මෙතෙක් අවසන් වී නැහැ. ඉන්දියාවට මෙන්ම බංග්ලාදේශයටද දැඩි බලපෑම් එල්ල කර ඇති මෙම සුළිකුණාටුව හේතුවෙන් මේ දක්වා ජීවිත අහිමි වී ඇති සංඛ්‍යාව 84 ක්.

ඉන්දියාවේ කොල්කටා නුවර පමණක් විදුලි බලය නොමැතිව ජීවිත වන සංඛ්‍යාව මිලියන 14කට අධිකයි. 1999 න් පසු බංගාල බොක්ක මුහුදු කලාපයේ ඇති වූ දරුණුම සුළිකුණාටුව වන අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට තවදුරටත් අධික සුළං ධාරාද පවතිනවා.

මේ වනවිට සමස්තයක් ලෙස ලොවපුරා රටවල් රැසකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 51 ලක්‍ෂ 88,705 ක්. ඉන් ලක්‍ෂ 20ක්ම පූර්ණ සුවය ලබා තිබෙනවා.