Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා මැද අලුත් වන ගුවන් ගමන් මෙහෙයුම් (PHOTOS)




නව කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති ගුවන් ගමන් කේෂ්ත්‍රය යලි යථාවත් කිරිමට ලොවපුරා ගුවන් සේවා සමාගම් මේ වන විට කටයුතු කරමින් සිටියි.

ඒ යුරෝපය ඇතුළු ලොව බොහෝ රටවල් පුරා මාස 02 ක කාලයක් සිය රටවල් සිය සංචරණ කටයුතු පිළිබඳව පනවා තිබු නීති ලිහිල් කිරීමත් සමගයි.

ඒ අනුව ලොව ජනප්‍රිය ගුවන් සමාගමක් වන " කටාර් ගුවන් සේවය" සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති අතර එහිදී ඔවුන්ගේ සාම්ප්‍රදායික නිල ඇඳුමට අමතරව පුර්ණ ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් ඇද සිටීම අනිවාර්ය කොට තිබෙනවා.

එමෙන්ම ගුවන් සේවකයින් සහ මගීන් සියලු දෙනා මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය කොට ඇත. ගුවන් මගීන්ට ආහාර සහ ජලය පිලිගන්විමේදී ද ආරක්ෂාකාරි ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ගුවන් මගීන්ට සඟරා ආදිය සැපයීම සීමා කිරිම සහ ගුවන් යානය තුලට ගොඩවීමේදී උෂ්ණත්ව පරීක්ෂණයකට ලක් කිරිම සම්බන්ධයෙන් ගුවන් සේවා බලධාරින් ගේ අවධානය යොමුව තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ ගුවන් යානයක ගමන් කරන මගීන්ට ඉදිරියේදී මෙම නවමු අත්දැකීමට මුහුණ දීමට සිදුවෙනු ඇති.