Friday, April 19, 2024

General line - 0115112241

රෝග ලක්ෂණ සමග හෝමාගමදී හමුවූ කාන්තාවගේ වෛද්‍ය වාර්තා එයි




කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කළ හෝමාගම තාවකාලික ලැගුම්හලක සිටි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පරීක්‍ෂණවලදීයි. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර සදහන් කළේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසු ඇය අද (22) රෝහලෙන් පිටව ගිය බවයි.

මෙම ලැගුම්හල ද අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බවයි හෙළි වුණේ.

 

මේ අතර මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 1,055 ක් දක්වා අද ඉහළ ගියා. වෛරසය ආසාදනය වී සුවය ලැබු සමස්ත සංඛ්‍යාව ද මේ වනවිට 604 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

(මේ පිළිබඳ පෙර පළ වූ පුවත පහතින් දැක්වේ)
 

කොරෝනා රෝග ලක්‍ෂණ සහිතව හෝමාගමට ගිය කාන්තාව ගැන පරීක්‍ෂණයක් - තවත් අයෙකුවත් සොයයි