Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු ඇරඹීමට පියවර 




ජාතික අක්‍ෂි රෝහලේ අක්‍ෂි සායන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ලක්‍ෂ්මි කුමාරතිලක සදහන් කළේ සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් පුද්ගල දුරස්ථභාවයද ආරක්‍ෂා වන පරිදි සායන කටයුතු ආරම්භ කරන බවයි.

සායනික රෝගීන් සදහා විශේෂ වැඩපිළිවෙලක් ද මෙහිදී කි‍්‍රයාවට නංවන බවයි රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ලක්‍ෂ්මි කුමාරතිලක පැවසුවේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් පැවති මුල් සමයේද හදිසි අක්‍ෂි අනතුරු සහ හදිසි අක්‍ෂි ආබාධ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ජාතික අක්‍ෂි රෝහල පියවර ගත්තා.