Friday, April 26, 2024

General line - 0115112241

අඩු පිරිසක් සමග පොසොන් පොහොයට සිල් සමාදන්වීමට අවස්ථාව




කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පුද්ගල දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සීල වැඩසටහන පැවැත්වීමට රජය අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව ඉතා අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය යුතු බවටයි තීරණයකට එළඹ ඇත්තේ. පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවේදී මෙම තීරණයන්ට එළඹ තිබෙනවා.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත්වීමට නියමිතයි. ඒ, ”ආරෝග්‍යා පරමා ලාභා” යන තේමාව යටතේයි.    ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවය, අඨමස්ථාන ආශ‍්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවලත් රට පුරා පැවැත්වෙන පොසොන් පිංකම් ද අඩු පිරිසකගේ දායකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

වයස්ගත පිරිස් හා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් සීල ව්‍යාපාර සඳහා සහභාගී කර ගැනීමෙන් වළකින ලෙසයි මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ. ඒ අනුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින්, පන්සල් අවට සීමිත පිරිසකගේ සභාගීත්වයෙන් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති.

කෙසේවෙතත් පෙරහැර පිංකම් අත්‍යාවශ්‍ය අංශ පමණක් සහභාගී කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, අවදානම් තත්ත්වය හේතුවෙන් මේ අවස්ථාවේ කිසියම් පාලනයක් අවශ්‍ය බවයි. ජනතාව එක්රැුස් නොකර පොසොන් පෙරහැර සිදු කිරීමට ද අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.