Friday, April 19, 2024

General line - 0115112241

පාසල් විවෘත කරන්නේ කවදාද? විශේෂ සාකච්ජාව අගහරුවාදා




කොරෝනා වෛරසය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ජාවක් ලබන 26 වනදා පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත‍්‍රානන්ද නෙත් නිවුස් වෙත කියාසිටියේ රටේ වර්තමානයේ පවතින සෞඛ්‍ය තත්ත්වය හමුවේ පාසල් යළි විවෘත කිරීමට හැකියාව පවතීද යන්න පිළිබද එහිදී සාකච්ඡුා කෙරෙනු ඇති බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මීට පෙර පාසල් ඇරඹීමට අදාළ උපදෙස් මාලාවක් ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කරනු ලැබුවා. 

මේ අතර අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතර අද පැවති උත්සවයකදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පාසල් විවෘත කිරීම සහ එහිදී අනුගමනය කරන කි‍්‍රයාමාර්ග පිළිබද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමග පැවැත්වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සාකච්ඡුාව බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.