Wednesday, April 24, 2024

General line - 0115112241

බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි බේරා ගත් මගීන් දෙදෙනා (VIDEO / PHOTOS)




පාකිස්ථානයේ කරච්චි නුවරදී අද (22)  සවස අනතුරට පත්වූ එයාර්බස් A320 ගුවන් යානයේ ගමන් කළ මගීන් දෙදෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවූ බව එරට සහන සේවකයින් සඳහන් කර සිටිනවා.

මෙලෙස දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ පන්ජාබ් බැංකුවේ සභාපතිවරයා වන සෆාර් මසුඩ් සහ මුහුම්මද් සුබේර් යන පුද්ගලයින් බවයි පාකිස්ථාන මාධ්‍ය සඳහන් කලේ.

මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි සිදුකළ මුලික විමර්ෂණයේදී හෙළිව ඇත්තේ.

පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ අනතුරට පත්වූ යානයේ ගුවන් මගීන් 91 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙක් සිට ඇති බවයි.

ඒ අනුව අනතුරෙන් පුද්ගලයින් 97 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට මළසිරුරු 67ක් සොයා ගෙන ඇති අතර අනතුරෙන් අසල පිහිටි නිවෙස් වල පදිංචි පුද්ගලයින් ද තුවාල ලබා ඇත. මේ දක්වා අවසන් මරණ හෝ තුවාල ලැබුවන් සංඛ්‍යා ලේඛණ පාකිස්ථාන බලධාරීන් නිකුත් කර නොමැත.

යානය අවස්ථා තුනකදී කරච්චි හි පිහිටි ජින්නා ගුවන් තොටුපලට ගොඩබෑමට උත්සහ දරා ඇති බවත් අවසානයේදී ජනාකීර්ණ නිවාස සංකීර්ණයක් මතට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.