Friday, April 19, 2024

General line - 0115112241

ලංකාව කේන්ද්‍ර කර ගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් ඉන්දියාවෙන් මතුවේ : කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගනියි




ශ්‍රී ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට යැවීමට සුදානම් කර තිබු කෝටි ගණනක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවේ, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී එරට  විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සමස්ත ඉන්දියාවම වසා දමා ඇති පසුබිමක් මත මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පොලිසියට සාවද්‍ය තොරතුරු සපයා ඇඳිරි නීති බලපත්‍රයක් ද ලබා ගෙන ඇති බවට කරුණු හෙළිව ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රවය අතර මෙත්මෙටමයින්, හෙරොයින්, එක්ටසී ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැසක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10 කට අධික වටිනeමෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව මෙම සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 30ක්, යතුරුපැදි දෙකක් සහ මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කොට තිබු බෝට්ටුවද සිය භාරයට ගැනීමට ඉන්දියානු පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා විශේෂ විමර්ශන නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායම් 08ක් එක්ව ඇත.