Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභය සහ ඉන්දීය අගමැති අතර දුරකථන සාකච්ජාවක් 




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (23) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. මෙහිදී රාජ්‍ය නායකයින් දෙදෙනා කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් හා ආර්ථික සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන කරුණු ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සිය ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට දක්ෂ ලෙස ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.

ඇතිවී තිබෙන වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය උපකාරයන් ලබාදීමට මෙහිදී ඉන්දීය අගමැතිවරයා සහතික වී තිබෙනවා. 

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ රටේ ආර්ථිකය යලි නගා සිටුවීමට ගනු ලැබූ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරුණු දක්වා ඇත. ඉන්දියාවේ සහයෝගය මත මෙරට සිදුකරනු ලබන සංවර්ධන ක්‍රියාවලියන් වේගවත් කිරීමට ද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර එකඟ වී තිබෙනවා.