Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට උසස්වීම්




පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. මේ මස 09 වන දින සිට කි‍්‍රයාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අනුවයි. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ජී ජේ නන්දන, කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ඩබ්ලිව් එල් ජේ ආර් ද සොයිසා, අගමැති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ඞී එම් තිලකරත්න ඇතුළු පිරිසකටයි එලෙස උසස්වීම් ලබා දී ඇත්තේ. 

උසස්වීම් ලැබූ නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වේ.