Wednesday, April 24, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍යට සම්බන්ධ සැකකරුවන් 318ක් අත්අඩංගුවට




බස්නාහිර පළාත තුළ කි‍්‍රයාත්මක කෙරුණු විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සිද්ධීන්වලට අදාළ සැකකරුවන් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ඊයේ (22) දිනය තුළ සිදු කෙරුණු වැටලීම් 305 කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, කොළඹ ඇතුළු බස්නාහිර පළාත තුළ සිර වී සිටි තවත් පුද්ගලයින් 1,500 ක් පමණ අද ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කර යැවුණා. කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයට එම පිරිස ගෙන්වා බස් රථ මගින් සිය ගම්බිම් වෙත ඔවුන් පිටත් කර යැවුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම අවස්ථාවේදී අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.