Friday, April 19, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 07ක් වාර්තා වෙයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1148ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ දහවල් 1.00 වන විට තවත් වෛරසය ආසාදිත රෝගීන් 07 දෙනෙක් වාර්තා වී ඇත.

මෙම රෝගීන් 07 දෙනා කුවේට් සිට මෙරටට පැමිණි අයවලුන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 29 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 695ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.