Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

පුද්ගල දුරස්ථභාවය කඩකරන්නන් හෙට සිට අත්අඩංගුවට 

1962Views


 


 

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට (26) සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මහජනතාව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් යොදවා පරික්ෂා කරන බවයි මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

ඒ සඳහා වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ආරම්භ කොට ඇති බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ පොදු ස්ථානවලදී මෙන්ම රටබීම හල් ආශ්‍රිතව මෙම මෙහෙයුම් වැඩි කරන බවද කියා සිටියා.

මේ දක්වා අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් පමණක් බවත් හෙට සිට පුද්ගල දුරස්ථභාවය රඳවා නොගන්නා පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බව කියා සිටියා.

මෙම තත්ත්වය යම් කිසි සේවා සපයන ආයතනයක්, වෙලදසැලක සිදුවුව හොත් අදාළ කළමණාකාරිත්වයටද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

නිරෝධායන නිතිය මෙන්ම අපරාධ නිතිය අනුව මෙම චෝදනාවට වරදකරුවෙක් වන පුද්ගලයෙක්ට මාස 06ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකි බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here