Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වැසි තත්ත්වය වැඩි වීමේ ඉඩක් - ප්‍රදේශ කිහිපයක්ම අවදානමක

2202Views


 


 

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 
 
මේ අතර, ඉදිරි දිනවල වැසි වැඩි වුවහොත් මී ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලූ ඔය, කැළණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, ඌරුබොකු ඔය සහ කිරම ඔය යන ගංගා ද්‍රෝණි ආශ‍්‍රිත පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස`දහන් කළා.   

රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කළ නායයෑමේ අවදානම් නිවේදනය හෙට පස්වරු 4.30 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here