Thursday, April 18, 2024

General line - 0115112241

"පාසල් ක්‍රිකට් නැතුව අපිට ජාත්‍යන්තර ක්‍රිකට් ගැන කතා කරන්න දෙයක් නෑ" -කොළඹ මහනාම විදුහලේ විදුහල්පති කියයි




පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත‍්‍ර 16 ක්, වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩා කරන පාසල්වලට බෙදා දීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.  

මෙම වැඩපිළිවෙළ යටතේ ප‍්‍රථමයෙන්ම ශ‍්‍රී  ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත‍්‍ර පිරිනැමීම සිදු කෙරුණා.

පළමු පෙළ කී‍්‍රඩා කරන පාසල් 36 ටම මෙම පන්දු යැවීමේ යන්ත‍්‍ර ලබාදීම ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාවයි. ඉතිරි යන්ත‍්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර ඇති අතර ඒවාද ශ‍්‍රී ලංකාවට රැගෙන ආ විගස එම පාසල්වලට ලබා දීමට නියමිතව තිබෙනවා.

සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත‍්‍ර කී‍්‍රයාකරවීම සඳහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කොට ඇති මෙම පන්දු යැවීමේ යන්ත‍්‍රය පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂ හරහා ක‍්‍රියාකරවීමේ හැකියාවකින් යුක්තයි.

භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත‍්‍රය නිපදවා තිබෙනවා.

පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. 

මෙම එක් පන්දු යැවීමේ යන්ත‍්‍රයක් රුපියල් හයලක්ෂ 50,000ක් වන අතර මෙවැනි විදුලිය ආරෝපණය කළ හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත‍්‍ර ශී‍්‍ර ලංකාව ආනයනය කළ පළමු අවස්ථාවද මෙය වනවා. 

මෙම පන්දු යැවීමේ යන්ත‍්‍ර පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශම්මි සිල්වා කියා සිටියේ මෙය ආරම්භයක් පමණක් බවත් පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන පාසල් 36 සඳහාම මෙම යන්ත‍්‍ර  ලබාදීමට සැලසුම් කර ඇති බවයි. පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියට ගෙන යෑම සඳහා වැඩි මුදලක් ඉදිරියේදී වෙන් කිරීමට බලාපොරොත්තු  වන බවද සඳහන් කළා. සැඟවුණු දක්ෂතා ඇති ක‍්‍රීඩකයන් පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් සොයා ගැනීමේ සිය අපේක්ෂාව බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා සදහන් කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පාසල් ක‍්‍රීඩාවේ යටිතල පහසුකම් නඟා සිටුවීමේ පියවරක් ලෙස සිදුකරන ලද මෙම පන්දු යැවීමේ යන්ත‍්‍ර බෙදාදීම පිළිබඳව අදහස් දක්වා සිටි කොළඹ මහානාම විදුහලේ විදුහල්පති, එල්. එම්. ඞී. ධර්මසේන කියා සිටියේ මෙය ශ‍්‍රී  ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද කාලෝචිත ක‍්‍රියාවක් බවයි. 

"පාසල් ක‍්‍රිකට් නැතිව අපිට ජාත්‍යන්තර ක‍්‍රිකට් ගැන කතා කරන්න දෙයක් නැති බව අපි හැමෝම දන්නවා. මේ උපකරණ වඩාත් ඵලදායී ලෙස පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා බවට අපි ක‍්‍රිකට් ආයතනයට සහතික වනවා." යැයි ද කොළඹ මහානාම විදුහලේ විදුහල්පති, එල්. එම්. ඞී. ධර්මසේන කියා සිටියා.