Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති ට්‍රම්ප් හොඳයි කියූ බෙහෙතක් ලෝක සෞඛ්‍ය සංවිධානය එපා කියයි




ආරක්‍ෂිත පියවරක් ලෙස කොරෝනා වෛරසය ආසාදිතයින්ට ලබා දීම සඳහා මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධයක් වන hydroxychloroquine යොදා ගනිමින් සිදුකෙරෙන සායනික පර්යේෂණ අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

මෙම ඖෂධය තමන් විසින් සති දෙකක කාලයක් භාවිතා කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සතියේදී ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවත් මෙම ඖෂධය ලබාදුන් බොහෝ කොරෝනා ආසාදිත රෝගීන් ගේ මරණයට එය බලපා ඇති බවට The Lancet හි පළ කොට තිබු අධ්‍යයනයකින් හෙළිවූ කරුණු අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වුවත් HIV සහ remdesivir යන ඖෂධ යොදා ගනිමින් කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීමේ පර්යේෂණ අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කොට ඇත.