Thursday, July 2, 2020

Advertising - 0773953664 | General line - 0115112241

දුර්ලභ කළු කොටියෙකු මද්දකට හසුවෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ

2064Views


 


 

ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු කළු කොටියෙකු (පැන්තරාස් පාදුස්) අද (26) දින මද්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය පවසනවා.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා අටවන ලද මද්දකටයි කළු කොටියා හසු වි ඇත්තේ.

අවුරුදු 08 ක් පමණ වයසැති දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ යුක්ත මන්දට හසු වි ඇති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බවයි වනජිවි නිලධාරින් කියා සිටියා. වනජිවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනිමට කටයුතු කර ඇති බවයි නල්ලතන්නිය වනජිවි කාර්යයාලය සඳහන් කර සිටියා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here