Thursday, March 28, 2024

General line - 0115112241

රුපියල් 5000 සමෘද්ධි බැංකු හරහා ප‍්‍රතිලාභීන්ගේ ගිණුම්වලට




කොවිඞ් -19 වසංගතයෙන් පීඩාවට පත්වුවන් සඳහා වන රුපියල් 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ප‍්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරිමට තීරණය වී තිබෙනවා.

පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත් වූ චෝදනා සහ දීමනාව බේදා දීමේදී ක්ෂේත‍්‍රයේ ඇතිවූ ගැටළු සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළෙබි බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මේ බව සඳහන් කළා.

මෙම නව ක‍්‍රමය අනුව රුපියල් 5,000 දීමනාව ලබා ගැනීම සඳහා ප‍්‍රතිලාභීන් සමෘද්ධි බැංකුවේ ගිණුමක් ආරම්භ කළ යුතු වනවා.