Wednesday, April 24, 2024

General line - 0115112241

ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් මහමැතිවරණයට ජීවන් තොණ්ඩමන්




අභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන්ට නාමයෝජනා ලබා දෙන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු  ලංකා කම්කරු කොංග‍්‍රසයේ දේශපාලන මණ්ඩලය රැස්වී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවට ඔහුගේ පුත් ජීවන තොණ්ඩමන් නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ යුතු බවට එහිදී තීරණය වී තිබෙනවා. ඉන්පසුව ලංකා කම්කරු කොංග‍්‍රසයේ නියෝජිතයින් පිරිසක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර ජීවන් තොණ්ඩමන්ට නාම යෝජනා ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා ඇත්තේ එහිදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම තීරණය අගය කළ ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.