Thursday, April 25, 2024

General line - 0115112241

ප‍්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇති බවට අනතුරු අඟවයි




ප‍්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ පානදුගම ජල මිනුම් ස්ථානයෙන්ද, කළු ගඟ කුඩා ගඟ ශාඛාව මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයෙන්ද සුළු ගංවතුර මට්ටමට ළඟා වෙමින් ඇති බවයි. 

ඊයේ (27) රාත‍්‍රී 9.30 වන විට පානදුගම ජල මිනුම් ස්ථානයේදී නිල්වලා ඟගේ ජල මට්ටම මීටර් 5.8 ඉක්මවා තිබුණා. එහි සුළු ගංවතුර මට්ටම වන්නේ මීටර් 06ක්. කළු ගඟ කුඩා ඟග ශාඛාවේ ජල මට්ටම මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේදී සටහන් වූයේ මීටර් 6.4 ක් ලෙසයි. එහි සුළු ගංවතුර මට්ටම මීටර් 6.5 ක්.  

මීට අමතරව ගිං ඟගේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයේ දී අවදානම් මට්ටම ඉක්මවා තිබෙනවා. එහි අවදානම් මට්ටම මීටර් 4ක් වන අතර ඊයේ රාත‍්‍රී 9.30 වන විට එහි ජල මට්ටම මීටර් 4.88 ක් වී තිබුණ. 

කළු ඟග කුඩා ඟග ශඛාවේ ජල මට්ටම ඉහල යාම නිසා බුලත්සිංහල, පාරින්දනුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැසියන් ගංවතුර සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටිය යුතු බවයි සිහිපත් කෙරුණේ.

මීට අමතරව නිල්වලා ඟගේ ජල මට්ටම ඉහලයාම නිසා අකුරැස්ස - කඔුරුපිටිය සහ අකුරැුස්ස - සියඹලාගොඩ යන මාර්ග අකුරැස්ස නගරය ආසන්නයේ ඇති සපත්තු පාලම් අසලින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.