Friday, April 26, 2024

General line - 0115112241

මහින්දගේ ගමනට මෝදිගෙන් සුබ පැතුම්




දේශපාලන දිවියට වසර 50ක් සම්පූර්ණ කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූභාශිංෂණ පළ කර තිබෙනවා.

නිරෝගිමත් හා සාමකාමී ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිංෂණය කළ බවයි මෙම සුභ පැතුමෙහි සඳහන් වන්නේ. 

මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවිය ආරම්භ කළේ 1970 වසරේ මැයි 27 වැනිදා පැවති මහමැතිවරණයට තරග කරමින්.

එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඒ අනුව ඔහුගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පූර්ණ වූනේ ඊයේ (27) දිනයේදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පුර්ණ විම නිමිත්තෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සුභ පැතුමක් සටහන් කර තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා මෑත ඉතිහාසයේ බිහි වූ අග‍්‍රගන්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත නායකයෙකු බවයි එහි දැක්වෙන්නේ.