Wednesday, April 24, 2024

General line - 0115112241

කුවේට් සිට පැමිණි 300කට ආසන්න පිරිසකට කොරෝනා




කුවේට්හි සිට මව්බිමට ගෙන්වා ගැනුනු කණ්ඩායමෙන් 300කට ආසන්න පිරිසකට නව්‍ය කොරෝනා ආසාධනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා.

විවිධ වයස් කාණ්ඩවලට අයත් 437 දෙනෙකුගේ කණ්ඩායමක් ඉකුත් 19 සහ 20 යන දින දෙකේදී කුවේට් සිට මව්බිමට ගෙන්වා ගැණුනා.

ඔවුන් රදවනු ලැබූයේ තී‍්‍රකුණාමලය ක්ලැපන්ටන්, මංකි බේ සහ මින්නේරිය අයි. සී. ටී. යන නිරෝධායන මධ්‍යස්ථානවලයි.

මෙම කණ්ඩායමෙන් වැඩි පිරිසකට නව්‍ය කොරෝනා ආසාධනය වී ඇත්තේ කෙසේදැයිද කරුණු සොයා බැලීමක් කර තිබෙනවා.

එහිදී හෙලිව ඇත්තේ කුවේට්හි ඇතැම් හාම්පුතුන් තමන් යටතේ සේවය කළ අය රෝගීවූ පසු නිවෙස්වලින් පලවා හැර ඇති බවයි.

රෝගීවූ තවත් පිරිසක් සේවය කල නිවෙස්වලින් පලාවිත් තිබෙනවා. මෙම සියලූ දෙනාද නීති විරෝධීව කුවෙට්හි රැදී සිටි සෙසු ශී‍්‍ර ලාංකිකයන්ද එරට රැදවුම් මධ්‍යස්ථානවල සිටව ඇත්තේ සාමූහිකවයි. නව්‍ය කොරෝනා වෛරසය ඔවුන්ට ආසාධනය වී ඇත්තේ ඒ අනුව බව සැකකෙරෙනවා.