Friday, March 29, 2024

General line - 0115112241

සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් ආපසු පැමිණීමට රජය පහසුකම් සලසයි




ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට පවතින රෙගුලාසිවලට හා පවතින නිරෝධායන පහසුකම්වලට අනකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින අතර සහාය අවශ්‍ය වී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා දූත මණ්ඩලයේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය හා ලක්ස්ටර් ක්‍රිකට් කමිටුව ඇතුළත්ව ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. 

මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඉල්ලීම මත ඔවුන්ට ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරයෙන්ම දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද ස්ථාපනය කොට තිබේ.

රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තව අවසන් වීම හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා යන හේතූන් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන සිටින මෙම දූත මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් රැසක් සමඟ දූත මණ්ඩල දිගින් දිගටම සන්නිවේදන කටයුතු සිදු කර තිබේ. ඔවුහු බොහොමයක් දැනට සීෂෙල්ස්හි දූපත් පහක විසිරී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අප්‍රේල් 06 දින 11 වැනි නව්‍ය කොරෝනා ආසාධිත රෝගියෙකු සොයා ගැනීමෙන් පසුව එරටින් කිසිදු ආසාධිතයෙකු එරටින් වාර්තා වී නොමැත.