Thursday, March 28, 2024

General line - 0115112241

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා  පැය 18 ජල කප්පාදුවක්




ලබන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පසුදින අලූයම 3.00 දක්වා පැය 18ක කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.

කොළඹ 2, කොළඹ 3, කොළඹ 7, කොළඹ 08, කොළඹ 9 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

මීට අමතරව කොළඹ 01 ප‍්‍රදේශයට අඩු පීඩන තත්වයක් යටතේ එම කාලයේ දී ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. අපහසුතා මඟහරවා ගැනීමට ජලය කල් වේලා ඇතිව රැස්කර තබා ගන්න ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කෙරුණා.