Tuesday, April 16, 2024

General line - 0115112241

දිස්ති‍්‍රක්ක 06කට නායයාමේ අවධානම දීර්ඝ කෙරේ




දිස්ත‍්‍රික්ක 6 ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක් සඳහා මීට පෙර නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම හෙට දහවල් 2.00 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර අදාල දිස්ත‍්‍රික්කයි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගොඩකවෙල, කහවත්ත, කොලොන්න, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන,  ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, අයගම, කිරිඇල්ල සහ රත්නපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානමට ලක්ව තිබෙනවා.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නායයාමේ අනතුරක් සහිත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ඒ දෙහි ඕවිට, දැරිණියගල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව කෝරලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද නායයාමේ අනතුර පවතිනවා.

ගාල්ල දිස්ත‍්‍රික්කය නියාගම නෙළුව තවලම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද නාමයේ අනතුර පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

කළුතර දිස්ත‍්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානමට ලක්ව තිබෙනවා. නාය යාමේ අවදානම් කලාප වල වෙසෙන සියලූ දෙනා නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරුණේ.

පොළොවේ ඇතිවන ඉරිතැලීම් ගැඹුරට හෑරුණු පැළුම් හා පොලොවේ ගිලා බැසීම් නායයාම් පූර්ව ලක්ෂණ කිහිපයක්. ගස් විදුලි කණු හා දුරකථන කුළුණු ආදිය ක‍්‍රමයෙන් ඇලවීම ද ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපුරුම් ද නායයාම් පූර්ව ලක්ෂණ මොනවා.

එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැතිවී යාම ද නායයාම් පූර්ව ලක්ෂණ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිහිපත් කළේ. මෙවැනි නායයාම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය කළ හොත් වහාම එම ප‍්‍රදේශවලින් ඉවත් විය යුතු බවද අවධාරණය කෙරුණා.