Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1500 ඉක්මවයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් 32 දෙනෙක් වාර්තා වීමත් සමගයි. 

විදේශ ගතව සිට පැමිණි ශ්‍රමිකයින් ගෙන් 17 දෙනෙක් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 15 දෙනා කුවේට් සිට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.

මේ වන විට නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 729ක් වනවා. එමෙන්ම විදේශීය රටවල සිට පැමිණ ආසාදිතයින් බවට තහවුරු වූ රෝගීන් ගණන 462ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

අද වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 745 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 748ක් වනවා.