Wednesday, April 24, 2024

General line - 0115112241

වරිපනම් බදු වැඩි කිරීම වසර දෙකකට අත්හිටුවීමට තීරණය කෙරේ




පළාත් පාලන ආයතන විසින් සිදුකිරීමට නියමිත වරිපනම් බදු වැඩිකිරීම වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට අදාළ විධිවිධාන සැලසීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මේ අතර කොවිඞ් 19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා වන රුපියල් 5,000 දීමනාව මැයි මාසය සඳහා ද අනිවාර්යෙන් ලබා දෙන බව රජය අද යළිත් සහතික වුනා. අපේ‍්‍රල් මස එම දීමනාව ලැබුණු සියලූ දෙනාට මැයි මාසය සඳහා ද එම දීමනාව ලබා දෙන බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ලබාදෙන දිවා ආහාර වේල වෙනුවෙන් වෙන් කර ඇති මුදල වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඒ පිළිබඳවද කරුණු දැක්වූවා.

අඩු ආදායම්ලාභී පවුල්්වල පාසල් දරු දැරියන් යෝජිත වියලි ආහාර සලාකයේ වටිනාකම රුපියල් 965ක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.