Saturday, April 20, 2024

General line - 0115112241

කොවිඩ් 19 නිසා කැළඹුණු වැලිගම ප්‍රාදේශීය සභාව 

ටී කේ මහින්ද




මාස දෙකකට පමණ පසු වැලිගම ප‍්‍රදේශීය සභාව අද පළමු වරට රැස් වූණා. කෙසේවෙතත් පාලන බලය හිිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේම දෙපරිසක් අතර ඇති වූ මත ගැටමුක් නිසා මෙම රැස්වීම උණුසුම් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. කොවිඞ් 19 වසංගතය අවස්ථාවේ වැලිගම ප‍්‍රදේශීය සභව යටතේ සිදු කෙරුණු සහන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් මත ගැටුම ඇතිව තිබෙනවා.

එහිදී උප සභාපති සුසන්ත ජයලත් ඇතුළු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් 11 දෙනෙකු සභාවෙන් ඉවත්ව ගිය අතර ඔවුන් පැවසුවේ අදාල සහන ව්‍යාපෘතීන්වලදී වංචා සිදුව ඇති බවයි.

 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වැලිගම ප‍්‍රදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේගෙන්ද විමසීමක් කළා.

වැලිගම ප‍්‍රදේශීය සභව යටතේ සිදු කෙරුණු සහන ව්‍යාපෘතීන් සඳහා විපක්ෂ කණ්ඩායම්වල සහය හිමිවූ බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.