Thursday, March 28, 2024

General line - 0115112241

එල්ල වන චෝදනා වලට නාවික හමුදාවෙන් පිළිතුරු




කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි නාවික සෙබලෙකුට නව්‍ය කොරෝනා ආසාධනය වීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසනවා. අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත නාවික සෙබලූන් පිරිසක් මෙම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ. ඔවුන් විවෘත සමාජයෙන් වෙන්ව හුදෙකලාව සිටි අය බවද නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවා.  

නාවික සෙබලූන් පිරිසක් මෙලෙස කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටින බවට පොලිසිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත්ව නොසිටි බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන්ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.

කෙසේවෙතත් නව්‍ය කොරෝනා ආසාධිත නාවික සෙබලා හමුවූ කොළඹ ගෆුර් ගොඩනැගිල්ල මේ වන විට හුදෙකලා කර තිබෙනවා.