Friday, April 19, 2024

General line - 0115112241

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ගැන තීරණයක් ගන්න යයි




මෙම වසරේ ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන ජුනි මස 10 වැනිදා රැස්වීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම කවුන්සිලයේ නියෝජිතයින් ඊයේ (28) පැවැත්වූ සාකච්ඡාවකදීයි. 

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ නව සභාපතිවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, රහස්‍යභාවය පිළිබඳ ගැටලූ හේතුවෙන් ඒ පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 10 වැනිදා  තෙක් කල් දැමුණා.

ඊයේ පැවැති සාකච්ඡාවේදී එම කවුන්සිලයේ නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ රහස්‍යභාවය බිඳවැටී ඇති බවයි.

ඒ අනුව එම කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර නිලධාරීවරයාගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ද ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.