හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැයකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ, කොරෝනා වසංගතය පිළිබඳ ජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන අයුරින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කිරීම සම්බන්ධයෙන්.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ද, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පැය 03 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ, ඉකුත් මාර්තු මස 17 වනදා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අමාත්‍යවරයා ප්රමුඛ පෙළේ පාසලක සිසුන් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.