Saturday, April 20, 2024

General line - 0115112241

ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ සිදුකිරීමට රජයේ අවධානය




කටුනායක ගුවන් තොටුපළේ ආවේක්ෂණ කටයුතු පුළුල් කර ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ ගුවන් තොටුපළේදීම සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස තමන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි කටුනායක ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ.   

නව්‍ය කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීම වැළැක්වීම සඳහා තවදුරටත් කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.