Friday, March 29, 2024

General line - 0115112241

අලුතින් හමූ වූ කොරෝනා ආසාදිතයින් අතර කටාර්-කුවේට් සහ මාලදිවයිනේ සිට පැමිණි ලාංකිකයින්




මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,613 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (30) දිනය තුළ පමණක් මෙරටින් තවත් නව්‍ය කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඉන් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

කටාර් රාජ්‍යයෙන් පැමිණි පුද්ගලයින් 19 දෙනෙකු ද ඊයේ වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් පිරිස අතර වනවා. කුවේටයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු ද ඊයේ වාර්තා වූ නව්‍ය කොරොනා ආසාදිතයිින් අතර වන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සඳහන් කළා.

මේ වනවිට මෙරට රෝහල්වල තවදුරටත් ප‍්‍රතිකාර ලබන කොවිඞ් 19 රෝගීන් සංඛ්‍යාව 822 ක්. කොවිඞ් 19 රෝගීන් 781 දෙනෙකු මේ වනවිටත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.