Friday, March 29, 2024

General line - 0115112241

හෙරොයින් සමග 218ක් අත්අඩංගුවට




බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ (30) පෙරවරු 06.00 සිට අද (31) අලුයම 5.00 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම කාලසීමාවේදී බස්නාහිර පළාත තුළ සිදු කෙරුණු නීතිවිරෝධී මත්පැන් වැටලීම්වලදී පුද්ගලයින් 236 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.