Tuesday, April 23, 2024

General line - 0115112241

ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා උග්‍ර අතට - කඩ සාප්පු දසදහසක් ගිනිබත් වෙද්දී ඇමෙරිකාවට ඇඳිරි නීතිය පැනවේ (VIDEO)




පස්වෙනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක විරෝධතා කෝලහාල හේතුවෙන් ඇමෙරිකාවේ නගර 23කට ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි.

ඒ කඩසාප්පු මංකොල්ල කමින්, ගොඩනැගිලි ගිනිබත් කරමින් ඉදිරියට ඇදෙන විරෝධතාකරුවන් සහ පොලීසිය අතර දැඩි ගැටුම් ඇතිව තිබෙනා පසුබිමකයි.

අද විරෝධතාවයන්ගේ පස්වෙනි දිනයයි. මේ වනවිට කඩසාප්පු දසදහසකට අධික ප්‍රමාණයක් කැරලිකරුවන් විසින් මංකොල්ල කා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ෆෙඩරල් රාජ්‍යයක් වන ඇමෙරිකාවේ ප්‍රාන්ත පොලීසි වල බලය හිමි ජනපතිට නොව ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ටය. විරෝධතා මෙතරම් වර්ධනය වූයේ  එරට විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරුන් පාලනය කරනා ප්‍රාන්ත වල ආණ්ඩුකාරවරු ගැටුම් මැඩපැවැත්වීමට පොලීසිය යොමු නොකිරීම නිසා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

මෙම කෝලහාලයන්ට හේතු වූයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතික ඇමෙරිකානුවෙක් එරට පොලීසිය විසින් ඝාතනය කිරීමයි. මේ වනවිට ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එයට අත්සන් 60,000ක් පමණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

ඇමෙරිකාවේ කලු ජාතිකයන්ට සහ සංක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන අසාධාරණයන්ට විරුද්ධවත්, ඇමෙරිකානු පොලීසියෙන් මරා දැමුනු ජෝර්ජ් ෆ්ලොයිඩ් ට සාධාරණය ඉල්ලා පහත අන්තර්ජාල පෙත්සම ඔබටත් අත්සන් කළ හැකියි.

http://chng.it/LgPqZbFV


විරෝධතාවන්ගේ දර්ශන කිහිපයක් පහතින්,