Friday, March 29, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබයි




කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 811 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු අද දිනයේ සුවය ලැබීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ නාවික රෝහල, අයි.ඞී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව ආසාදිතයින් 813 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද 1,635 ක් දක්වා ඉහළ ගියා. ඒ, විදේශගතව සිට පැමිණි තවත් ශී‍්‍ර ලාංකික රෝගියෙකු හා නාවික හමුදා සාමාජිකයෙකු හමුවීමත් සමගයි. 

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 8 දෙනෙකු ද පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින්ගෙන්් සුවය ලැබූ සංඛ්‍යාව 411ක් දක්වා ඉහළ ගියා. 

මේ අතර ශ‍්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. රටතුල පවතින තත්වය මත එම නෞකාවෙහි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සදහන් කළේ.