Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණයට අදාළ පෙත්සම් ගැන අවසන් තීරණය හෙට සවස 3 ට




ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හෙට පස්වරු 03.00ට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මේ බව ප‍්‍රකාශ කළා.

ගත වූ දින 10 ක කාලය තුළ පෙත්සම්කරුවන්, වගඋත්තරකරුවන් මෙන්ම අතරමැදි පාර්ශවයන් විසින්ද සිය කරුණු දැක්වීම් සිදුකරනු ලැබුවා. එය අවසන් කරමින් අදාළ පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන තීන්දුව හෙට ප‍්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ.

ජූනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම හා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසටයි අදාළ පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ. ඒ අනුව මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපෑ හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමටද නියමිතයි.