Friday, April 19, 2024

General line - 0115112241

ගල්කිස්ස වෙරළට පිරවූ කෝටි 89ක වැලි මුහුදට ගියාද? ආණ්ඩුව උත්තර දෙයි




ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා කෘතීම වැලි පෝෂණ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය හරහා රුපියල් කෝටි 89 ක මුදලක් විනාශ වූ බවට පළ වන වාර්තාවන්ට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව අද ප‍්‍රතිචාර දැක්වූවා.

ඊට හේතු වූයේ කෘතිම ඉදිකළ අදාළ වැලි පෝෂණ ව්‍යාපෘතිය මුහුදු ඛාදනයට ලක්ව ඇති බවට වාර්තා පළවීමත් සමගයි. ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ගල්කිස්ස වෙරළ තීරයේ ස්වභාවික පිහිටීම් පවා වෙනස් කරමින් මෙම කෘතිම වැලි පෝෂණ තීරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක්ද මතු වුණා. මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබුවේ විදේශීය සමාගමක් විසින්. රුපියල් කෝටි ගණනක් වැය කර ඉදිකළ මෙම කෘතිම වැලි පෝෂණ තීරය මුහුදට ගසාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අද ප‍්‍රතිචාර දැක්වූවා.

මේ, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති.

ගල්කිස්ස වෙරළ තීරයට පොම්ප කරන ලද වැලි මුහුදට ගසාගෙන ගොස් මහජන මුදල් අපතේ යාමක් මෙහිදී සිදුව නොමැති බව ද ඔහු අවධාරණය කළා.

ඉකුත් අපේ‍්‍රල් 16 වනදා ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ කටයුතු අපේ‍්‍රල් 22 වනදා අවසන් වුණා. ඇදිරි නීතිය සමයේද කි‍්‍රයාත්මක වෙමින් ඉදිකළ මෙම කෘතිම වැලි පෝෂණ තීරය දින 40 කට පමණක් සීමාවීම ගැටළු සහගත බවයි පරිසරවේදීන් පවා පෙන්වා දෙන්නේ.