Thursday, July 2, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් දණ නැමූ පොලිස් නිලධාරීන් (PHOTOS)

4832Views


 


 

අමෙරිකාවේ නගර රැසක මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින විරෝධතාවයන් වලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවූ බවට විදෙස් මාධ්‍ය අවස්ථා ගණනාවකදී වාර්තා පළකර සිටියා.

කෙසේ වුවත් එම විරෝධතා පැවති ඇතැම් නගර වලදී රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන් සමග සුහදව කටයුතු කරනු ලබන අයුරු දක්නට ලැබුනා.

විශේෂයෙන්ම ඇට්ලන්ටා ප්‍රාන්තයේ පැවති විරෝධතාවයකදී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් සමග එක්ව දණ හිසෙන් හිඳිමින් අවාසනාවන්ත අයුරින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සිය සංවේගය පළකරන අයුරු දක්නට ලැබුණා.

ඊට අමතරව ඩෙන්වර් ප්‍රාන්ත පොලිසියේ නිලධාරීන් ද විරෝධතාකරුවන් සමග එක්ව සිටියා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here