Friday, April 26, 2024

General line - 0115112241

ගෙවතු වගාවට 'App' එකක්




රජය මගින් ක‍්‍රියාත්මක කෙරෙන වගා සංග‍්‍රාමය ගෙවතු වගා වැඩසටහනට සහාය වන මෘදුකාංගයක් හදුන්වාදීමට රුහුණු විශ්ව විද්‍යාලය පියවර ගෙන තිබෙනවා.

ගොවි-ණැන ලෙසින් හදුන්වා දී ඇති මෙම යෙදවුම කොළඹ විශ්ව විද්‍යාලය හා  ඕස්ටේලියාවේ සිඩිනි විශ්ව විද්‍යාලය එක්ව නිර්මාණය කර තිබෙනවා.

මෙම යෙදවුම මගින් අස්වැන්න නෙළනා තෙක් ගෙවතු වගා කරන පිරිස් වෙත වගාව නිවැරදි ලෙස සිදු කිරිම පිළිබදව පියවරෙන් පියවර මග පෙන්විම සිදු කරනු ලබනවා. මෙම යෙදවුම තුල බෝග වර්ග 12කට අවශ්‍ය උපදෙස් මේ වන විට අන්තර්ගත වන අතර ඉදිරියේදි මෙය තවත් පුළුල් කිරිමට බලාපොරොත්තු වන බව මෙම යෙදවුම නිර්මාණය කිරිමේ ව්‍යාපෘතියේ සම්බන්ධිකාරක රුහුණු විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ආචාර්ය ඩබ්ලිව්.ඒ.ඉන්දිකා සදහන් කළා.

govinena.lk වෙත පිවිසිමෙන් හෝ ඔබගේ ජංගම දුරකථනයේ ඇප්ස්ටෝ වෙත පිවිස මෙම යෙදවුම භාගත කර ගත හැකි වනවා.