Saturday, April 20, 2024

General line - 0115112241

වැලිකඩ රැඳවියන් දෙදෙනෙකු අතර ගැටුමක්




වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ගැටුම ඇති වී තිබෙන්නේ බන්ධනාගාරය තුළ පවිත‍්‍රතා කටයුතුවල නිරතව සිටි සුළු වැරදි සදහා බන්ධනාගාර ගත සිරකරුවන් දෙදෙනෙකු අතරයි. එක් අයෙකු සතුව තිබූ කුඩා ප‍්‍රමාණයේ උල් ආයුධයකින් අනෙක් තැනැත්තාට ඇන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මේ අතර වැලිකඩ බන්ධනාරයට අනියුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අන්සතු ATM කාඞ් පතකින් මුදල් ලබාගත් චෝදනාව මතයි.