Friday, April 26, 2024

General line - 0115112241

නාවික හමුදාවේ කොරෝනා පොකුරත් තවත් සතියකින් අවසන්




නාවික හමුදාව ආශි‍්‍රතව මතුව තිබෙන කොරෝනා ආසාදිත පොකුර තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියාසිටියේ විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් බිහි වී ඇති කොරෝනා ආසාදිත පොකුර පමණක් දැන් ඇති බවයි. 

සමාජය තුළින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් මතු නොවීමට අවශ්‍ය සියළු විධිවිධාන මේ වනවිටත් යොදා ඇති බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කළේ අගෝස්තු මස පළමු වනදා තෙක් විධිමත් ක‍්‍රමවේදයක් යටතේ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින 18,000 ක් පමණ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවයි. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට අද සහභාගි වන්නේද අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගයි. රාතී‍්‍ර 7.30 ට ප‍්‍රචාරය කෙරෙන වැඩසටහන ෆේස්බුක් ඔස්සේ සජීවිව නැරඹීමටද අවස්ථාව උදාකර දී තිබෙනවා.