Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මැතිවරණය පැවැත්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මැතිවරණ කොමිසමට බාර දෙයි

656Views


 


 

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මැතිවරණ කොමිසම වෙතට භාර දුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

අද දහවල් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරින් හමුවී සාකච්ජා කොට මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ලබා දෙනු ලැබූ බවයි ඇමතිවරිය කියා සිටියේ.

එහිදී තැපල් ජන්දය කෙසේ පැවැත්විය යුතුද, කුමන රාජ්‍ය සේවක කණ්ඩායම් තැපැල් ජන්දයට සහභාගී කර ගත යුතුද, ජන්ද රැස්වීම් කෙසේ පැවැත්විය යුත්තේ කුමන ආකාරයෙන්ද, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යාමේදී කටයුතු කළ ආකාරය, මැතිවරණය පැවැත්වෙන දිනයේදී විමසීම් සිදුකළ යුතු ආකාරය සහ ජන්දය ගණන් කිරීමේදී ගත ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එමගින් අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.

එම මාර්ගෝපදේශනයන් අනුව මැතිවරණ කොමිසමට ඉක්මනින් සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here