Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ලක්ෂ 08ක් ගත්ත බන්ධනාගාර නියාමක වැඩේ කරලා නෑ - රැඳවියා ඇප අරන් ඇවිත් පැමිණිලි කරයි

3300Views


 


 

අධිකරණයේ විභාග වන නඩුවකට අදාල වාර්තාවක් වෙනස් කර දීමට බව පවසා මාතර බන්ධනාගාරයේ රැඳවූකුගෙන් මුදල් ලබා ගත් බන්ධනාගාර නියාමකවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාල නිලධාරියා ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 8 ක් බවයි පැවසෙන්නේ.

මුදල් ලබා ගත්තත් ඊට අදාල කාර්ය බන්ධනාගාර නිලධාරියා විසින් සිදුකර නොමැති බවද බන්ධනාගාර ආරංචි පැවසවා. 

අදාල රැඳවූවා ඇප ලබා බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති අතර පසුව සැකකාර බන්ධනාගාර නිලධාරීයාගෙන් ඔහු ලබාදුන් මුදල ඉල්ලා තිබෙනවා. එහෙත් එම මුදල නොලැබීම හේතුවෙන් අදාල රැඳවූවා මාතර බන්ධනාගාර අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව බන්ධනාගාර නියාමකවරයාට එරෙහිව මාතර බන්ධනාගාර  අධිකාරීවරයා විසින් පරීක්‍ෂය ආරම්භ කර තිබෙනවා.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here